ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් මැයි 09 දින පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා සිදුකරන ලද ආරාධනයකට අනුව මෙම රැස්වීම පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ ය.
අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගී වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා සහ උතුරු පළාත නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් මැයි මස 11, 12 සහ 13 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර එහිදී බලය බෙදා හැරීම, උතුරු පළාතේ සංවර්ධනය ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තොරව බලය බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීම නිෂ්ඵල බැවින් එම මන්ත්‍රීවරුන් සහභාගී නොවන්නේනම් තමන් ද සාකච්ඡාවට සහභාගී නොවන බව ටෙලෝ සහ ප්ලොට් සංවිධාන නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
