Advertise with Giraya
NEWS

ආර්ථික අර්බුදය – 2023 මැයි මාසය වන විට පවතින ජපන් වාහන මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ ඊට අනුරූපව රජය විසින් ගනු ලැබූ ඇතැම් තීරණ හේතුවෙන් මෙරට වාහන මිල දැවැන්ත ලෙස ඉහළගොස් තිබුණා. නව වාහන ගෙන්වීම අත්හිටුවීම, ඩොලරයේ අගය ඉහළ යාම සහ පොලී අනුපාත ඉහළ යාම වාහන මිල ගණන් තීරණය වීමට බලපෑ ප්‍රධාන සාධක වන අතර වාහන සඳහා පුරවැසියන්ට වැය කළ හැකි මුදල යන කරුණු මත වාහන මිල තීරණය වීම සිදුවුනා.

කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වනවිට වැඩි වූ මිලට වාහන අලෙවි වීම බරපතල ලෙස කඩා වැටීම හේතුවෙන් ඉහළ ගිය වාහන මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව වාහන වෙළඳපොල මූලාශ්‍ර පෙන්වා දෙනවා. වාහන ආනයනය අත්හිටුවීමට පෙර රුපියල් ලක්ෂ 85-90 අතර පැවති ලියාපදිංචි නොකළ වාහනයක් රුපියල් ලක්ෂ 200-210 අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබූ අතර මේ වනවිට ලියාපදිංචි නොකළ නිෂ්පාදිත වර්ෂය 2020 වන වාහන ඉතාමත් අඩු ප්‍රමාණයක් වෙළඳපොල තුළ පැවතියත් එවැනි වාහනයක මිල රුපියල් ලක්ෂ 160 පමණ තෙක් පහළගොස් ඇති බව වෙළඳපොල මූලාශ්‍ර පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එම මිලට ද වාහන අලෙවි වීම අතිශය මන්දගාමී වී ඇති බවත්, වාහනයක් විකිණීම සඳහා ඉදිරිපත් කර අවම වශයෙන් මාසයක පමණ කාලයක් එම වාහනය අලෙවි වීම සඳහා ගත වන බවත් එම මූලාශ්‍ර වැඩි දුරටත් පවසනවා.

මේ අනුව මේ වනවිට ලියාපදිංචි කළ වාහන මිල ගණන් පහත ආකාරයෙන් පවතින බවත් එම මිලටත් වඩා තවත් රුපියල් ලක්ෂ 10ක් පමණ අඩුවෙන් වාහන අලෙවි වන අවස්ථා ඇති බවත් වෙළඳපොල මූලාශ්‍ර පෙන්වා දෙනවා.

Giraya News Alerts
  1. ටොයොටා ප්‍රිමියෝ – 2020 – රුපියල් ලක්ෂ 145 – 170 / 2019 – රු. 120-150
  2. ටොයොටා ඇලියන් – 2020 – රුපියල් ලක්ෂ 125 – 150 / 2019 – රු. 115-140
  3. ටොයොටා ප්‍රිමියෝ – 2018 – රුපියල් ලක්ෂ 125 – 140 / 2017 – රු. 115-135
  4. ටොයොටා ඇලියන් – 2018 – රුපියල් ලක්ෂ 115 – 150 / 2019 – රු. 110-140
  5. ටොයොටා ප්‍රිමියෝ – 2016 – රුපියල් ලක්ෂ 100 – 120 / 2015 – රු. 90-105
  6. ටොයොටා ඇලියන් – 2016 – රුපියල් ලක්ෂ 95 – 105 / 2015 – රු. 85-95
  7. ටොයොටා ඇක්සියෝ හයිබ්‍රිඩ් WXB – 2018-2020 – රුපියල් ලක්ෂ 100 – 130
  8. ටොයොටා ඇක්සියෝ හයිබ්‍රිඩ් G – 2018-2020 – රුපියල් ලක්ෂ 98 – 120
  9. ටොයොටා ඇක්සියෝ හයිබ්‍රිඩ් G – 2015-2017 – රුපියල් ලක්ෂ 70 – 95
  10. ටොයොටා ඇක්වා හයිබ්‍රිඩ් G – 2015-2017 – රුපියල් ලක්ෂ 55 – 75
  11. ටොයොටා ඇක්වා හයිබ්‍රිඩ් G – 2012-2014 – රුපියල් ලක්ෂ 40 – 55
  12. ටොයොටා කොරොල්ලා 141 – 2007 – 2012 – රුපියල් ලක්ෂ 38 – 58
  13. ටොයොටා විට්ස් – 2018 – 2020 – – රුපියල් ලක්ෂ 70 – 80
  14. ටොයොටා විට්ස් – 2015 – 2017 – – රුපියල් ලක්ෂ 55 – 68
  15. ටොයොටා ප්‍රියස් හයිබ්‍රිඩ් G – 2016-2017 – රුපියල් ලක්ෂ 90 – 120
  16. ටොයොටා ප්‍රියස් හයිබ්‍රිඩ් G – 2010-2015 – රුපියල් ලක්ෂ 55 – 90

වාහනයේ තත්වය, ධාවනය කර ඇති දුර ප්‍රමාණය, නඩත්තු කර ඇති ආකාරය සහ වාහනයේ ඇති වෙනත් උපාංග සමග මෙම මිල ගණන් තව දුරටත් වෙනස් වන අතර අමතර කොටස් හිඟ වීම සහ නඩත්තු වියදම් අධික වීම හේතුවෙන් නිසියාකාරව නඩත්තු නොවීම යන කරුණු මත වාහන මිල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ද වාහන අලෙවිකරුවන් පවසනවා.

මේ වනවිට ලීසිං සහ ඩ්‍රාෆ්ට් පොලී අනුපාතයන් ද යම් තාක් දුරකට පහළ ගොස් තිබුණත් එහිද ගැටළු රැසක් ඇති බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා. මේ වනවිට බොහෝ මූල්‍ය ආයතන රුපියල් ලක්ෂයකට රුපියල් 2540 සිට 3200 දක්වා වූ පොලී අනුපාතයන් යටතේ ලීසිං පහසුකම් ලබාදෙන අතර වාහනයේ වටිනාකමින් 60%ක මුදලක් සඳහා අවම පොලී අනුපාතයකුත් ඊට වැඩි ප්‍රමාණයන් සඳහා ඉහළ පොලී අනුපාතයකුත් අයකරන බව ඔවුන් පෙන්වා දෙනවා.

එසේම රුපියල් ලක්ෂයකට රුපියල් 1000ක් ලෙස පැවති ඩ්‍රාෆ්ට් පොලිය මේ වනවිට රුපියල් 2240 සිට 2800 දක්වා අගයක පවතින බව වාහන අලෙවිකරුවන් පවසනවා. බොහෝ මූල්‍ය ආයතන මේ වනවිට වාහනයක් සඳහා මෙම පහසුකම් දෙකම ලබා දීමට කැමැත්තක් දක්වන බව වාහන අලෙවිකරුවන් පවසනවා. ඒ අනුව වාහනක මිලෙන් 50%ක වටිනාකමක් ලීසිං ලෙසත් 20%ක පමණ වටිනාකමක් ඩ්‍රාෆ්ට් එකක් ලෙසත් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වනවිට බැංකු පොලී අනුපාතය 22.5%ක් එනම් රුපියල් ලක්ෂයකට රුපියල් 2790ක් වැනි මුදලකට වටිනාකමින් 50%-60%ත් අතර ලීසිං මුදලක් ලබා දෙන බව වාහන අලෙවිකරුවන් පවසනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top