පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම සඳහා බලය ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බැවින් ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට හෝ පොලිස්පතිවරයාට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ලිපියක් මගින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත දන්වා තිබෙනවා.
දිනයක් නොමැති වර්ෂය හා මාසය සහිතව එනම් 2023.04 ලෙස සඳහන් කොට යොමු කොට ඇති ඇති එම ලිපිය මගින් ඔහු දැනුම් දී ඇත්තේ අදාළ නියෝගය බලාතික්‍රමණයක් බැවින් එවැනි නියෝගයක් පිළිපැදීමට තමන් බැඳීම් නොමැති බවයි.
පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට තමා බැඳීම් නොමැති බව එම ලිපියෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

