ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් එක් කොට තිබෙනවා.
ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම මෙසේය.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවකි.
සියලු ජනතාව එකම නැකතකට චාරිත්‍ර ඉටු කරන්නේ සෞභාග්‍යයේ සහ සශ්‍රිකත්වයේ අපේක්ෂාවෙන් පෙරදැරිවය.
පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටය. අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටියෙමු. නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමිනි.
අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමටය.
එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණි.
එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටය.
සුබ අලුත් අවුරුද්දක් වේවා !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවුරුදු සුබ පැතුම පහතින්.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ සුබ පැතුම පහතින්.
වඩා මානුෂීය හා සාධාරණ සමාජයක් වෙතට මාරු විය යුතු බවට පවතින අසාර්ථක සමාජ ආර්ථික ක්‍රමය විසින් අපට බල කරනු ලැබ ඇත. අලුත් අවුරුද්ද විසින් අපට යෝජනා කරන අලුත් බවට, නව සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩනගන දේශපාලනයක් සමග පෙළගැසීම පිළිබඳ අපේක්ෂාවද එකතු විය යුතුය. ජනතාවාදී පාලනයක අවශ්‍යතාව පිළිබඳ රට පුරා නැගී එන ජනතා පෙළගැස්මේ පදනම වන්නේ එයය. රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන සහ අලුත් සමාජයක් ගොඩනඟන අලුත් දේශපාලන ගමනක් ඇරඹීමට අලුත් අවුරුද්ද අලුත් ජවයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෝකවාසී සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවායි ගිරය අපගේ පැතුමයි.
