පැතිර යන වසංගත තත්වය හමුවේ මේ වනවිට දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති අතර එම සීමා කඩකරන්නන් දහසක් පමණ දෛනිකව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
මේ අතර, වෛරසය ආසාදනය වී සුවය ලැබීමෙන් පසුව රෝහලෙන් පිටත් වී ඇති විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස නිරෝධායනය රෙගුලාසි හා සංචරණ සීමා මධ්‍යයේ ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ වීඩියෝ පටයක් හා ඡායාරූප කිහිපයක් ද එක් කරමින් විපක්ෂ නායකවරයා හා බිරිඳ ගංඟාරාම විහාරස්ථානයට පැමිණි බව අද (ජුනි 11) සනාථ කර තිබෙනවා.
මේ අනුව, මෙරට මහජනතාවට සහ ප්‍රභූවරුන්ට නීති ක්‍රම දෙකක් ක්‍රියාත්මක වන්නේ ද ය ප්‍රශ්නය පැන නැගී තිබෙනවා. වෛරසය ආසාදනය වූවෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිට වූ පසු නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ අතර මෙහිදී එවැන්නක් සිදුවීද යන ප්‍රශ්නය ඉදිරිපත්ව තිබෙන අතර වඩාත් බරපතලම ප්‍රශ්නය වන්නේ දිවයින පුරා සංචරණ සීමා පනවා විහාරස්ථාන, දේවස්ථාන වැනි ආගමික ස්ථාන වෙත යාම ද සීමා කර ඇති පසු බිමක තවත් පිරිසක් ද සමග විපක්ෂ නායකවරයා ගංඟාරාමයට ගියේ කෙසේද යන්නයි.
මේ සියලු කරුණු අතර මහජනතාවට ඇත්තේ එක ප්‍රශ්නයකි.
“නීතිය ක්‍රියාත්මක වන්නේ පොඩි මිනිහාට පමණ ද?”
