Advertise with Giraya
NEWS

මැයි 22 වන දිනයේදී ත් වැඩිම ආසාදිතයින් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 161,‍242ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (22) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 2909 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 2906 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් වන අතර තිදෙනෙකු විදෙස්ගතව සිට මෙරට පැමිණි පුද්ගලයින් වේ.

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 556ක් වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වේ.

Giraya News Alerts

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

  1. කොළඹ දිස්ත්‍රික්කය – 556
  2. කළුතර දිස්ත්‍රික්කය – 407
  3. ගම්පහ දිස්ත්‍රික්කය – 354
  4. ගාල්ල දිස්ත්‍රික්කය – 233
  5. කුරුණෑගල දිස්ත්‍රික්කය – 207
  6. මහනුවර දිස්ත්‍රික්කය – 157
  7. මාතර දිස්ත්‍රික්කය – 133
  8. කෑගල්ල දිස්ත්‍රික්කය – 120
  9. රත්නපුර දිස්ත්‍රික්කය – 107
  10. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 99
  11. නුවරඑළිය දිස්ත්‍රික්කය – 80
  12. යාපනය දිස්ත්‍රික්කය – 75
  13. බදුල්ල දිස්ත්‍රික්කය – 60
  14. හම්බන්තොට දිස්ත්‍රික්කය – 53
  15. මාතලේ දිස්ත්‍රික්කය – 47
  16. අම්පාර දිස්ත්‍රික්කය – 46
  17. කිළිනොච්චි දිස්ත්‍රික්කය – 46
  18. පුත්තලම දිස්ත්‍රික්කය – 30
  19. මුලතිව් දිස්ත්‍රික්කය – 24
  20. මන්නාරම දිස්ත්‍රික්කය – 19
  21. අනුරාධපුරය දිස්ත්‍රික්කය – 15
  22. මොණරාගල දිස්ත්‍රික්කය – 12
  23. පොළොන්නරුව දිස්ත්‍රික්කය – 11
  24. වව්නියාව දිස්ත්‍රික්කය – 10
  25. මඩකලපුව දිස්ත්‍රික්කය – 05

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 33,069ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 126,995 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, තවත් කොවිඩ් – 19 මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 1178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top