Advertise with Giraya
NEWS

වැලිගම බස් රථ අනතුරකින් මිය ගිය බව කියූ පුද්ගලයාගේ ඝාතනයේ සුළ මුල හෙළි වෙයි

පසුගියදා (17) මාතර වැලිගම, මිදිගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු බස් රථයකට යට වී මිය යාම සම්බන්ධයෙන් ඥාතීන් විසින් පොලීසිය වෙත චෝදනා එල්ල කර තිබුණා.

ඒ තම ඥාතියාට පහරදීමෙන් පසුව එම ස්ථානයට රැගෙන ගොස් තිබූ අවස්ථාවේ දී බස් රථයට යට වී ඇති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කළ සී.සී.ටී. වී. දර්ශන පෙළෙහි ඇත්තේ මිය ගිය පුද්ගලයා බස් රථයට යට වන අවස්ථාව පමණක් බවයි ඥාතීන් සඳහන් කළේ.

එම සිදුවීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන පොලීසිය වෙත රැගෙන ගොස් මකා දමා ඇති බවට මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා එල්ල කළා.

Giraya News Alerts

සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරි යැයි වැලිගම මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සිදු වු අවස්ථාවේදී මෙම කොස්තාපල්වරුන් දෙදෙනා එම ස්ථානයෙන් ගමන් කර ඇති බව ද ඉන් අනතුරුව අදාල පුද්ගලයා බිම වැටී සිටිය දී බසයට යට වී ඇති බව ද සඳහන් විණි.

මෙම සිදුවීමට අදාළව සම්පූර්ණ සී.සී.ටී.වී. දර්ශන ‘හිරු මාධ්‍ය’ වෙතින් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බලා සිටිය දී අදාළ පුද්ගලයාට පහරදීමක් සිදු වන ආකාරයත් ඉන් අනතුරුව ඔහු බස් රථයට යට වන ආකාරයත් ය.

එම සිදුවීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන පහතින් දැක්වේ.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top