මෙරට සම්ප්රදාය අනුව බොහෝ විවාහයන් සිදුවන්නෙ දෙපාර්ශ්වයන්ගේ තීන්දු තීරණ අනුව සිදුවන විවාහ යෝජනාවකින් හෝ නැතිනම් ප්‍රේම සබඳතාවන් මල්ඵල ගැන්වීමෙනි.
මෙකී ශෝ ක ජනක කතාන්දරයේ යුවළ විවාහ පත්වන්නෙ දෙපාර්ශ්වයේ යෝජනා සම්මතයකිනි. එම යුවළෙහි ආදර කතාව වසර එකොළහකි. පසුගියදා දෙදෙනාගේ පවුල් දිවිය දෙදරා ගියේ සුළු සුළු ගැටුම් නිසාවෙනි. එම ගැටුම්වල අවසානය සිදු වූයේ සැමියා විසින් බිරියට යක ඩ මුගුරකින් පහර දී ඇඳ ඇතිරිල්ලකින් ගෙළ සිරකර ම රා දැමීමේ අහස පොළොව නුහුලන අ පරාධයකිනි. මුළු මහරගම ප්‍රදේශයම කඳුළින් නහවමින් එම ඛේදවාචකය පසුගිය දා වාර්තා විණි.
36 හැවිරිදි ක්‍රිෂාන් ලහිරු සම්පත් සහ 32 හැවිරිදි තමාරා ධනුෂිකා ජයධීර විවාහ වන්නෙ 2011 වසරේදියි. තමාරාගේ පියා මහරගම, පමුණුව, මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට ප්‍රසිද්ධ රෙදිපිළි ව්‍යාපාරිකයෙකි. එමෙන්ම ඒ අවට වෙළෙඳසල් කිහිපයකම හිමිකරුවෙක් වන ඔහු ධනවතෙකි. ඔහුගේ වැඩිමහල් දියණිය තමාරාය. තවත් පුතුන් දෙදෙනෙක්ද සිටිති.
ලහිරුගේ පියා බෝකුන්දර, නිවන්තිඩිය, තුන්වන පටුමගේ වෙසෙන ව්‍යාපාරික ක්ෂේත්රයේම නියැළෙන අයෙකි. ඔහුටද දියණියන් දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් දියණියන් දෙදෙනාට පසුව ලහිරුය.
මෙකී ව්‍යාපාරිකයන් දෙදෙනා ගජ මිතුරන් ය. දිනක් තමාරාගේ පියාගෙන් ලහිරුගේ පියාට යෝජනාවක් ඉදිරිපත් වන්නේ,
“මචං උඹ දන්නවනේ… මං හාට්ඇටෑක් කාරයා… කොයි වෙලාවෙද දන්නෙ නෑ ජීවිතේ… මට මොනවහරි වුණොත් මගේ දුවට යන කලදසාව තමයි දුක… මගේ දුවට කවුරුහරි හොයලා දෙන්න ඕනෙ…”
සිය ගජ මිතුරාගේ දියණිය වන තමාරාට දෙවරක් නොසිතා කැමති වන ලහිරුගේ පියා, සිය පුත්‍රයාට තමාරා දියණිය විවාහ කර දීමට කැමති විය. ඒ අනුව දෙපාර්ශ්වයේ ඥාති මිත්රාදීන්ගේද ආශිර්වාදය මැද තමාරා සහ ලහිරු 2011 වසරේදී අතිනත ගත්හ.
සිය විවාහයෙන් වසර දෙකක් ඉක්ම යද්දී දෙදෙනාට තුන්වැන්නෙකු ලෙස පුත්‍රයකු එක්වන්නෙ පවුල් දිවිය තව තවත් ඔපවත් කරමිනි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙමින් තිබිණි. අනතුරුව එළැඹෙන්නෙ දෙදෙනා අතර යම් යම ආ රවුල් හා අ ඩදබර සමයකි. ඊට වඩාත්ම හේතුවී තිබුණේ දෙදෙනා අතර වූ අදහස්වල පරස්පරතා ය.
තමාරා පාසල් සමයේ සිටම එතරම් සමාජය ඇසුරක් නොමැත්තියකි. කුඩා කාලයේ සිටම ඇය සැදි වැඩුණු ආකාරය අනුව තමාරා නිතරම පාහේ තම මවගේ හෝ පියාගේ කීමට මිස අන් අයගේ අවවාද අනුශාසනා පිළිගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වූවා ය. ලහිරු සමාජශීලී අයෙක් මෙන්ම පොතපතටද ඇලුම් කරමින් ඉගෙනීමටද හපන්කම් පෑ අයෙකි.
දෙදෙනා විවාහයෙන් පසුව විසුවේ තමාරාට සිය පියාගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු මහරගම, පමුණුව පාර, අංක 181/2 දරන නිවෙසේය. එතරම් ඇසුරකින් තොරව විවාහ වූ දෙදෙනා අතර නිතරම ගැ ටුම් ඇති වූයේ පරස්පර අදහස් නිසාවෙනි. ලහිරු යමක් පැවැසුව ද නයාට අඳුකොළ මෙන් තමාරාට රුස්සන්නේය. පුංචි කිරිකැටියෙකු විසුවද දෙදෙනා ර ණ්ඩු සරුවල් වන්නේය. දෙදෙනාගේ මාපියන්ද කෙතරම් අවවාද අනුශාසනා කළද දෙදෙනාම ඒ කිසිවක්ම තඹ සතේකට මායිම් නොකළේ ය. ඒ අතරතුර මීට කලෙකට පෙරදී තමාරාගේ පියා මෙ ලොව හැ ර යන්නෙ හෘද යාබාධයකිනි.
තමාරාගේ මව සිය සැමියාගේ අ භාවයෙන් පසුව තම පුතණුවන් සමඟ තමාරාත් ලහිරු ජීවත්වූ නිවෙසට යාබද නිවෙසක පදිංචියට එන්නේ තම දියණියගේ හා බෑනාගේ අ ඩද බර ඉවසාගෙන සිටීමටත් බලාගෙන සිටීමටත් නොහැකි හෙයිනි.
ලහිරු ත්‍රීරෝද රථ රියැදුරෙකි. ලහිරු බොහෝ සෙයින් සිය නිවෙසේ රැඳී නොසිටියේ සිය බිරියගේ ඇ නුම් බැ ණුම් ඉවසා ගැනීමට නොහැකි නිසාවෙනි. කාලයාගේ ඇවෑමෙන් තත්ත්වය තව තවත් උත්සන්න විණි. එසේ හෙයින් 2018 වසරේදී තමාරාත් ලහිරුත් දි ක්කසාද වන්නට සැරසුණේය.
එයට විරුද්ධ වන ලහිරුගේ දෙමාපියන් සහ තමාරාගේ මව මෙන්ම සහෝදරයා ලබා දෙන උපදෙස් අනුව නැවත දෙදෙනා එක්ව වාසය කරන්නට තීන්දු කළේය.
මාස කීපයක් ගතවද්දී නැවතත් තමාරා ගැබ් ගත්තාය. කෙසේ වුවත් දිගින් දිගටම ආ රවුල් මධ්‍යයේ දෙදෙනා ජීවත් වූහ. අනතුරුව තමාරා දෙවැනි දරුවාද මෙලොව බිහි කළාය.
කුඩා පුතුන් දෙදෙනාට පණ මෙන් ආදරය කළ ලහිරු සිය පවුලේ ආදායම් තර කිරීමට ත්‍රිරෝද රැකියාවට අමතරව කුලී රැකියාවන්ටද යොමු වූයේය. ඊට තදින්ම වි රුද්ධ වූයේ තමරාය; ඒ කිසිවක් ලහිරු තැකුවේ නැත.
ඉකුත් දිනෙක දෙදෙනාගේ වැඩිමහල් පුතුගේ උපන් දිනය යෙදී තිබු හෙයින් පුතුණුවන් විස්මයට පත්කරවන උපන්දින සාදයක් පැවැත්වීමට ලහිරු අදහස් කළේය. එයට තමාරාගේද අකමැත්තක් නොතිබුණේය. තීරණය කරගත් පරිදි වැඩිමහල් පුත්‍රයාගේ උපන්දින සාදය ඥාතීන්ගෙන් සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වීමට දෙදෙනාට හැකිවිණි.
මේ අතර 16 වැනිදා පස්වරුවේ තමාරා සමඟ ලහිරු සිය බාල පුතුගේ දෙවැනි උපන්දින සාදයද පැවැත්වීම පිළිබඳව කතිකා කරගනිමින් සිටියහ. එහිදී වැඩිමහල් පුතුගේ උපන්දින කේක් ආකෘතියට සමාන කේක් ආකෘතියක්ම ගෙන ආ යුතු බව ලහිරු කියා තිබිණි. ඊට ය ක්ෂාවේ ශ වූයේ තමාරාය. එම ගැ ටුමේදී දෙදෙනා අතර බහින්බස් වීම දුරදිග ගොස් තිබුණේ දේපළ ප්‍රශ්නද ඈඳා ගනිමිනි.
සැ රපරු ෂ වචනවලින් හටගත් ගැ ටුම ක්‍රමයෙන් පහරදීම් දක්වා දුරදිග ගොස් තිබුණේය. අවසානයේ එම ගැ ටුම කෙළවර වී තිබුණේ ලහිරුගේ අතට හසුවූ යකඩ බටයකින් තමාරාගේ හිසට එ ල්ලවූ ප හරකිනි. ඉන් නොනැවැතුණු ලහිරු ඇඳෙහි එළා තිබූ ඇඳ ඇතිරිල්ලක් ගෙන තමාරාගේ ගෙ ළද සි ර කර ඇති බව පො ලිස් වි මර්ශනවලදී හෙළි විණි.
සිය බිරියට පහ ර දුන් ලහිරු තම ත්‍රිරෝද රථයද රැගෙන නිවන්තිඩියේ පිහිටි මවගේ නිවසට ගොස් කිසිදු හාහූවක් නොමැතිව විසුවේය.
ඒ මොහොතේ තමාරාගේ කුඩා දරුවන් දෙදෙනා මේ කිසිවක් නොදැන යාබද නිවෙසේ ආච්චි අම්මා සහ මාමා සමඟ විසුවේය. තමාරාගේ සහ ලහිරුගේ අ ඩද බරය ඇසුණත් ඒ කිසිවක් පැමිණ නැත්තෙ එම අ ඩද බරය සාමාන්‍ය තත්ත්වයක් වූ හෙයිනි. එහෙත් අ ඩද බරයෙන් පසු නිහඬතාව පිළිබඳව තමාරාගේ සහෝදරයා සොයා බැලීය. එහිදී තම සහෝදරිය කාමරයක ඇඳක් මත වැතිරී සිටින ආකාරය දැක තිබුණේය.
එසැණින් ඔහු අමතා තිබුණේ 119 හෙවත් පො ලිස් හදිසි ඇමැතුම් අංකයටයි.
ඒ පිළිබඳව මහරගම පො ලිසිය දැනුවත් කිරීමත් සමඟ මහරගම පො ලිස් ස්ථානාධිපති ප්‍රධාන පො ලිස් ප රීක්ෂක එච්. එච්. ජනකාන්තගේ මෙහෙයවීමෙන් අ පරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ ප්රමුඛ පොලිස් කණ්ඩායමක් සැණින් තමාරා වැටි සිටි නිවෙසට ගියේය. පසුව බර පතළ තත්ත්වයේ පසුවූ තමාරා සුවසැරිය ගිලන්රථයකින් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගියත් ඇය ඒ වන විටත් මෙලොව හැර ගොස් සිටියාය. මහරගම පොලිස් නිලධාරින් විසින් නිවන්තිඩිය සිය මවගේ නිවෙසේ සැඟව සිටි ලහිරු එදිනම අත්අඩංගුවට ගත්තේය. පො ලිස් නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ලහිරු අකුරක් නෑර සියල්ල හෙළි කළේය.
තමරාගේ ඝා තනයෙන් පසුදා එනම් 17 වැනිදා ගංගොඩවිල අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා විසින් ම හේස්ත්‍රාත් ප රීක්ෂණය සිදු කෙරිණි. තමාරාගේ ම රණ ය පිළිබඳ ප ශ්චාත් මරණ පරී ක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පසුගිය 18 වැනිදා සිදු කළහ. එහිදී ඇගේ ගෙ ළ සි ර වීමෙන් රුධිර නාලිකා තදවීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා මත ඇයව මරණය ට පත්ව තිබූ බව නිගමනය කෙරිණි.
පවුල් ජීවිතයකට අත්‍යවශ්‍ය ඉවසීමේ ගුණය නොමැති නිසාවෙන් විවාහය දික්කසාදයෙන් ක ටුගා දැමීමට සූදානම් වූවත් අවසන දෙදෙනෙකුගේ ඉරණම් කතාව ශෝ චනීය කතාන්දරයකින් කෙළවර වූයේ තවත් එක් අහස පොළොව නුහුළන අ පරාධය ක් ඉතිහාසයට එක්වෙමිනි. එලෙස වැඩිහිටියන්ගේ නොදරුවන් සේ හැසිරීමේ වි පාකයෙන් අන්ත අසරණත්වයට පත්වූයේ හයක් හතරක් නොතේරෙන දරුවන් දෙදෙනෙකු වීම ඛේ දාන් තයකි.
මේ පිළිබඳ වි මර්ශන නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පො ලිස් අධිකාරි නුවන් අසංකගේ අධීක්ෂණයෙන් මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච් ජනකාන්තගේ මෙහෙයවීමෙන් එහි අ පරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ ප්රමුඛ උප පො ලිස් පරීක්ෂක චින්තක දසනායක, කොස්තාපල්වරුන් වන 84742 ලක්ෂාන්, 88199 එරංග, 92521 සමරසිංහ යන නිලධාරිහු සිදු කළහ.
-උපුටා ගැනීම silumina.lk-
