Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මවක් සිය දරු දෙදෙනා සමඟ ළිඳට පනියි

සැමියා සමඟ ඇති වූ බහින් බස්වීමක් දුර දිග යෑමෙන් සිත් තැවුලට පත් මවක් තම දරුවන් දෙදෙනා ද සමඟ ගෙවත්තේ ඇති ළිඳකට පැනීමෙන් මාස දෙකක් වයසැති කුඩා දියණිය මියගොස් තිබෙනවා.

ඊයේ (20) අලුයම හතරට පමණ සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ කොරතොට, තුන් අඳහේන ප්‍රදේශයේ පදිංචි ව සිටි දැරියකි.

අලුයම් කාලයේ නිවසේ ජනේලයෙන් පැනගොස් සිය දරුවන් දෙදෙනා ද සමඟ ඇය ළිඳට පැන ඇති අතර ස්වාමියා විමසිලිමත් වීමෙන් මොවුන් ළිඳට පැන ඇති බව දැනගෙන තිබුනා.

Giraya News Alerts

ඔහු වහාම ක්‍රියාත්මක වී ළිඳට පැන අවුරුදු දෙකක් වයසැති සිය පුතණුවන් සහ බිරිඳ බේරාගෙන ඇතත් කුඩා බිළිඳිය අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top