2021 මැයි 07 දින සිට මැයි 20 දක්වා සිදුව ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කරන ලදී.එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 1089කි.
මැයි මාසයේ මේ දක්වා තහවුරු කරන ලද සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 411ක් වේ.
මියගිය අය උඩුකිඳ, ලුණුගල, බලංගොඩ, කටුනායක, බාඳුරුගොඩ, කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාර කොස්වත්ත, බොරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙල, ගල්ගමුව, සියඹලාපෙ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, පොල්ගහවෙල, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොල, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිපත්තුව හා හබරාදුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඔවුන්ගෙන් 24 දෙනෙක් වයස අවුරුදු 71 ඉක්මවූවෝ වෙති. වයස අවුරුදු 61 සහ 70 අතර පුද්ගලයන් 10 දෙනෙකු ද, වයස අවුරුදු 51 – 60 අතර පුද්ගලයකු ද, වයස අවුරුදු 41 – 50 අතර පුද්ගලයෙකු ද, වයස අවුරුදු 41 – 50 අතර එක් පුද්ගලයෙකු ද, වයස අවුරුදු 31 – 40 අතර පුද්ගලයන් දෙදෙනෙක් ද වෙති.
මොවුන්ගේ මරණ වලට මූලික හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව, දියවැඩියාව, හෘද රෝග ඇතුලු නිදන්ගත රෝග ආශ්‍රිත සංකූලතා බව සඳහන් වෙයි. මියගිය පිරිසෙන් 19 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි සියලු දෙනා පිරිමි වෙති.
