දෛනික මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක ආසාදිතයින් සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ එවැනි ආසාදිතයින්ගෙන් තවදුරටත් සමාජය සීග්‍ර ලෙස වෛසය පැතිරෙමින් තිබෙන බවයි. නව ප්‍රභේදය හරහා මේ වන විට කොවිඩ් මරණවල ඉහළ යාමක් ද දක්නට ලැබෙන බව අමාත්‍යවරයා සදහන් කරයි.
“විශේෂයෙන්ම මේ වසංගතයේ දී අපි දකිනවා සංකූලතා තියෙන රෝගීන්ගේ වැඩි වීමක්. රෝහල් පද්ධතියට ගියාම, රෝහල්වල විශාල තදබදයක් තියෙනවා. ඔක්සිජන් අවශ්‍යතාවය දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාව දැඩිව දැනෙනවා.
ඊයේ 3500කට අධික රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. 3500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන්ගුණයක් සමාජයේ ඉන්න පුළුවන්. එතකොට මේ අයගෙන් තව දුරටත් සමාජයේ තවමත් පැතිරීම සිද්ධ වෙනවා. ඉතින්, ආසාදනය සමාජයේ පැතිරෙනවා සීඝ්‍රයෙන්.
මේ ආසාදනය අලුත් ප්‍රභේදය හරහා මරණ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව බොහොම වගකීමෙන් කටයුතු කරන්න ඔ්න කාලයක් මේක.”
“ඔත්තේ ඉරට්ටේ දවස්වල යන්න කිව්වත් ජනතාව වැඩි වශයෙන් පාරවල්වල ඉන්නවා. පාරවල් හිස්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. මේ පැතිරීම වළක්වා ගන්න නම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. අත්‍යාවශ්‍ය කාරණයකට හැර එළියට යන්න එපා කියලා රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.”
වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීමට නම් මහජනතාව සති දෙකකට හෝ නිවෙස් තුළම තැබීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.
” අනිවාර්යයෙන් ම සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න. මොකද එහෙම උනොත් අපිට මේ රෝගය පැතිරීම පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට මම නිර්දේශ කරන්නේ”
‘ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම’ සම්බන්ධයෙන් මැයි 10 දිනැතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එච්. එස්. මුණසිංහ මහතා විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත නිකුත් කරන ලද ලිපිය පිළිබඳව ද මාධ්‍යවේදීන් විසින් මෙහිදී අමාත්‍යවරියගෙන් විමසීමක් සිදු කළා.
කිසිම මාධ්‍යවාරණයක් නැහැ. හැබැයි මාධ්‍යයටත් වගකීමක් තියෙනවා සත්‍ය තොරතුරු ටික ජනතාවට බෙදා හරින්න. යම් කිසි විනයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. අමාත්‍යාංශයක් උනාම රජයේ දෙපාර්තුමේන්තුවක වැඩ කරන කොට විශේෂ විනයක් තියෙනවා. අපිට ඔ්න ඔ්න වෙලාවට ඔ්න ඔ්න දේවල් ගැන මාධ්‍යයට කියන්න බෑ.
ජනතාව දැන් දන්නවා. ජනතාව බුද්ධිමත්නේ. අදාළ කාරණාවලදී තෝරා බේරාගෙන පිළිගත යුත්තේ කාගෙද. කරුණු කාරණාවලදී ජනතාව අවබෝධය තිබෙනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අය ගිහිල්ලා විවිධ ප්‍රකාශ කරනකොට ජනතාව අසීරුතාවයට පත්වෙනවා.
එමෙන්ම, එය කොවිඩ් වසංගතය පිළිබඳව සැබෑ තත්ත්වය වසන් කිරීමට රජය ගත් උත්සාහයක් දැයි මාධ්‍යවේදියෙකු විමසූ විට අමාත්‍යවරිය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
“මේ වසංගතය වසන් කෙරුවොත් අපිත් වසන් වෙලා යයි.”
