Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වැලිගම හදිසි අනතුරෙන් මිය ගිය පුද්ගලයාගේ මරණය ගැන ඥාතීන්ට සැකයක්

මාතර, වැලිගම මිදිගම ප්‍රදේශයේ දී හදිසි අනතුරකින් මිය ගිය බව පවසන පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් විසින් පොලීසිය සැක බවට චෝදනා එල්ල කරනවා. ඥාතීන් පවසන්නේ ඔහුව ඝාතනය කර එම ස්ථානයට ගෙනත් දමා ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ වරාය අධිකාරියේ සේවයේ නියුතු තිදරු පියෙකු වන බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දියණියක් කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරතව සිට ඇති අතර ඇයට කොරෝනා අසාදනය වීම හේතුවෙන් ඇගේ පවුලේ සෙසු සාමාජිකයන් නිරෝධායනයට ලක්කර තිබෙනවා.

Giraya News Alerts

එහිදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තවත් දරුවන් දෙදෙනෙක් නිවස තුළ නිරෝධායනයට ලක්කර තිබෙන අතර පසුගිය 17 වනදා රාත්‍රියේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති වීම හේතුවෙන් මියගිය පුද්ගලයා වැලිගම නගරයට ගිය බවයි ඥාතීන් පවසයි. එලෙස වැලිගම නගරයට ගිය මෙම පුද්ගලයා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඥාතීන් විසින් අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය වෙත සැක පළ කර තිබෙනවා. පොලිසිය විසින් ඔවුන් වෙත CCTV දර්ශන පෙළක් ලබා දී ඇති අතර එහි දැක්වෙන්නේ මාර්ගයේ වැටී සිටින අදාළ පුද්ගලයාගේ සිරුර මතින් බස් රථයක් ධාවනය වන ආකාරයයි.

නමුත්, ඥාතීන් පවසන්නේ තමන් වෙත ලබාදුන් CCTV දර්ශන පෙළෙහි මුල් කොටස තමන්ට ලබාදීමට කටයුතු නොකළ බවයි. අදාළ CCTV දර්ශනවල පුද්ගලයන් කිහිපදෙදෙනෙකු සිටින අතර ඔවුන් යතුරුපැදිවල නැගී එම ස්ථානයෙන් පිටව යන අයුරු ද සටහන් වී තිබෙනවා.

මේ අතර, මියගිය පුද්ගලයාගේ PCR පරීක්ෂණයක් සිදුකර ඇති බවත් ඔහු කොරෝනා අසාදිතයෙකු නොවන බව පොලිසිය 19 වනදා උදෑසන තමන් වෙත දැනුම් දුන් බව ඥාතීන් පවසනවා.

ඒ අනුව මාතර රෝහලේ පැවැත්වෙන මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය රැගෙන යන ලෙසට දැනුම් දුන්න ද එදිනම දහවල් යළි පොලිසිය විසින් දැනුම් දී ඇත්තේ ඔහුට කොරෝනා අසාදනය වී ඇති බැවින් දේහය ලබාදිය නොහැකි බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු, කොන්දොස්තර සහ දමිළ තරුණයෙක් අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය සඳහන් කරයි.

අදාළ සිදුවීම සම්බන්ධ සී.සී.ටී.වී. දර්ශන පහතින් දැක්වේ. (සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න)

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top