අද (19) දිනයේ දී මේ දක්වා ආසාදිතයින් 3000 ඉක්ම වූ ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ අද දිනයේ දී මේ දක්වා ආසාදිතයින් 3051 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 150,771ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද දිනයේ දී තවත් ආසාදිතයින් 1222 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්තය 122,367ක් වේ.
