Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ ගැබිනියක් අත්අඩංගුවට

පසුගියදා තලාතුඔය පොලිසිය විසින් සංචරණය තහනම පැවැති සමයේ කළ වැටලීමක දී මත් කුඩු මිලි ග්‍රෑම් තිහක් සන්තකයේ තබා ගෙන සිටි ගැබිනි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැටවල එරමුදුගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස්දෙකක සිය දෙවන දරුවා ප්‍රසූතියට බලාපොරොත්තුවෙන් පසුවන ගැබිනි කාන්තාවකි.

මෙම කාන්තාව තද බල ලෙස මත් කුඩු පානය සඳහා ඇබ්බැහි වී ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයා ද මත් කුඩුවලට සම්බන්ධ පුද්ගලයෙකු බව පැවසේ.

Giraya News Alerts

තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝකිල ආරියදාසගේ උපදෙස් අනුව මෙම වැටලීම සිදුකොට ඇති අතර, සැකකාර කාන්තාව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top