ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 147,720ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (18) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 2518 දෙනා ද ඇතුළුවයි.
එමආසාදිතයින් අතරින් 2478 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 40 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.
ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 391ක් වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කළුතර දිස්ත්‍රික්කය – 391
- කොළඹ දිස්ත්‍රික්කය – 333
- ගම්පහ දිස්ත්‍රික්කය – 350
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 179
- කෑගල්ල දිස්ත්‍රික්කය – 170
- යාපනය දිස්ත්‍රික්කය – 144
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 113
- ගාල්ල දිස්ත්‍රික්කය – 108
- මහනුවර දිස්ත්‍රික්කය – 89
- රත්නපුර දිස්ත්‍රික්කය – 63
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 72
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 71
- මාතලේ දිස්ත්‍රික්කය – 65
- පුත්තලම දිස්ත්‍රික්කය – 56
- බදුල්ල දිස්ත්‍රික්කය – 47
- මාතර දිස්ත්‍රික්කය – 45
- මඩකලපුව දිස්ත්‍රික්කය – 38
- මොණරාගල දිස්ත්‍රික්කය – 30
- කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 28
- අම්පාර දිස්ත්‍රික්කය – 27
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 25
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 21
- මුලතිව් දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 25,560ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 121,145 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, තවත් කොවිඩ් – 19 මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 1015ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
