Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොළඹ හදිසි අනතුරු අංශයේ එම්.ආර්. අයි හා සීටී ස්කෑන් නවතී

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13දෙනකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්. ආර්.අයි සහ සීටී ස්කෑන් අංශ වසා දමනු ලැබ ඇත.

මේ වනවිට දිවයින පුරා රජයේ ‍රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් කොවිඩ් 19 ව‍ෛරසයට ගොදුරුවී ඇතැයි ද එයින් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණවේදින් වන බව ද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්‍ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා පැවැසීය.

මේ වනවිට ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද මෙම රෝගයට ගොදුරුව සිටින්නේ යැයි කී ඈපා විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ සියයට පණහක ප්‍රමාණයක් බවත් පවතින තත්ත්වය තම සේවාව දැඩි අර්බුුදයකට යොමු කරමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

Giraya News Alerts

රජයේ සේවයේ ගැබිණි මවුවරුන් සේවය නොකැඳවන ලෙස සඳහන් චක්‍රලේඛයක් පවා නිකුත්ව තිබියදී පොලොන්නරුව ‍රෝහලේ සේවය කරන ගැබිණි විකිරණ තාක්ෂණවේදිනියකට සේවයට එන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බල කර තිබුණු බව ද හෙතෙම සඳහන් කළේය.

තම සේවාවට බලපා ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡාවකට පවා බලධාරින් මඟහරිමින් සිටින බව පෙනී යන බවත් සෞඛ්‍ය සේවාව කඩා නොවැටී පවත්වා ගැනීමට නම් ඉක්මණින් තම සේවාවේ ප්‍රශ්නවලට ද පිළිතුරු සෙවිය යුතු බව ත් ඔහු කියා සිටියේය.

-ලංකාදීප-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top