Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් කොවිඩ් මරණ 19ක්

2021 මැයි 10 වන දින සිට මැයි 17 දක්වා සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (17) තහවුරු කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 981කි.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 16 වන දින මියසේ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ඇදුම රෝගයයි.

මැදකීඹීය ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 14 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Giraya News Alerts

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 15 වන දින කළුතර මහ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය, ලේ විෂවීම, දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.

මග්ගොන ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුරුෂයෙක.ි 2021 මැයි 15 වන දින කළුතර මහ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම සහ කොවිඩ් ආසාදනයයි.

කළුතර ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 14 වන දින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, කොවිඩ් ආසාදනය, නිධන්ගත වකුගඩු රෝගය, හෘද රෝගී තත්ත්වය සහ අධි රුධිර පීඩනයයි.

පයාගල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 13 වන දින කළුතර මහ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම සහ කොවිඩ් 19 ආසාදනයයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුරුෂයෙකි. කොස්ගම රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුරුෂයෙකි. මීරිගම මූලික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. හික්කඩුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 15 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුරුෂයෙකි. කෑගල්ල ශික්ෂණ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වේනනේ කොවිඩ් නියුමෝනියාවයි.

පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් 2021 මැයි 16 වන දින මියගොස් ඇත.

ගාල්ල ප්‍රදේශෆය් පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 15 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

කටුවන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුරුෂයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් 2021 මැයි 16වන දින මියගොස් ඇත.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුරුෂයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි 2021 මැයි 16 වන දින කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇත.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුරුෂයෙකි. වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 17 වන දින මියොග්ස ඇත. උග්‍ර කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇත.

දෙනිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකි. මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය හා දියවැඩියාවයි.

හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුරුෂයෙකි. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතූළත් කරන අවස්ථාවේ දී 2021 මැයි 10 වන දින කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘද රෝගී තත්තවය.

උඩපිටිවල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුරුෂයෙකි තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ අපස්මාර රෝගී තත්ත්වයයි.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි 2021 මැයි 12 වන දින කොවිඩ් – 19 ආසාදනය සමඟ අධි රුධිර පීඩනය හේතුවෙන් මියගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top