Advertise with Giraya
NEWS

පුද්ගලික ආරවුලට ‌සුරතලාව කපා කොටා පලා ගොස් සැඟව සිටි සැකකරුවන් අල්ලයි

මිනිසුන් තිරිසන් සතුන් ලෙස හැසිරෙන අවස්ථා වත්මන් සමාජයේ ද වරින් වර දක්නට ලැබෙනවා. මේ සිදුවීම වාර්තා වන්නේ කුලියාපිටිය ප්‍රදේශයෙන්.

කුලියාපිටිය, කරන්තිපොල ප්‍රදේශයේ නිවසකට මැයි 14 දින රාත්‍රියේ කඩු සහ මුගුරු අතැතිව පැමිණ පිරිසක් එම නිවසේ දේපළවලට හා ලොරි රථයකට පහර දී හානි කිරීමෙන් අනතුරුව එම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාට ද කඩුවෙන් කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කළ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ නිවැසියන් සමග තිබූ පෞද්ගලික ‌ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි. පහරදීමෙන් පසු සැඟව සිට ඇති සැකකරුවන් දින 3කට පමණ පසු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලීසිය සමත්ව ඇති අතර මැයි 18 දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් සැඟව සිටිය දීත් පොලිස් පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසට අදාළ නිවැසියන්ට තර්ජනය කරමින් බලපෑම් කර ඇති බවයි.

Giraya News Alerts

පහර දීමෙන් බරපතල තුවාල ලබා ඇති සුනඛයාට ප්‍රතිකාර කිරීම බොහෝ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ජීවිතයට වගකිව නොහැකි බව පවසමින්. නමුත් අවසානයේ ගම්පහ, ගණේමුල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වන අශාන් හේවාගම මහතා සුනඛයා භාර ගනිමින් හැකි ඉක්මණින් සුනඛයාට ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ඒ අනුව සැත්කම් කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව සුනඛයාගේ ජීවිතය බේරා ගැනීමට අවසානයේ එම වෛද්‍යවරයා සමත් වී තිබෙනවා.

සුනඛයාගේ දිවි බේරූ වෛද්‍ය අශාන් හේවාගම

පහළින් ඇත්තේ තුවාල ලබා සිටි සුනඛයාගේ සංවේදී ඡායාරූපයි. (නැරඹීමට අපහසු පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න)

rivira.lk

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top