Advertise with Giraya
NEWS

සැමියාගේ යකඩ පොලු පහරින් බිරිඳ ජීවිතක්ෂයට

අඹු සැමි යුවලක් අතර වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳගේ හිසට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිදුවිමක් පමුණුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි

පසුව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මියගිය කාන්තාවගේ සැමියා වන 36 හැවිරිදි පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Giraya News Alerts

මෙසේ මියගොස් ඇත්තේ මහරගම පමුණුව තමරා ධනුෂිකා ජයවීර (31) කාන්තාවක වන අතර ඇයගේ මෘත ශරීරය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම කාන්තාව හා සිය සැමියා අතර 16 දා සවස 5.00 පමණ ආරවුලක් සිදුව ඇති අතර එහිදී සැමියා බිරිඳ ගේ හිසට පොල්ලකින් පහර දී ගෙල සිරකර බරපතළ තුවාල සිදුකර ඇතැයි පැවසේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top