Advertise with Giraya
NEWS

කොරෝනාවෙන් සිව්වන ගැබිනි මවත් මිය යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ගැබිනි මවක් ඊයේ (15) රාත්‍රියේ දී නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, තිස්සමහාරාමයේ යාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අටමස් ගැබිනියකි. උණ හා හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් ඇය පසුගිය 05 වනදා තිස්සමහාරාම -දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පසුව ඇගේ සැමියා ඇතුළු පවුලේ සාමාජිකයින් ඇතුළු කිහිපදෙනෙකුට ද කොරෝනා පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී ඇගේ සැමියා සහ වැඩිමහල් දියණිය ඇතුළු 07 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුුරු වී ඇත.

Giraya News Alerts

මෙම කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් පසුගිය දා මහරගම ප්‍රදේශයේ පැවති සාදයකට ද සහභාගී වී ඇති බවට අනාවරණය වී ඇත.

දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය ඊයේ (15) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top