Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මොරටුවේ online ගණිකා නිවාසයක් වටලයි

මොරටුව වීරපුරන්අප්පු මාවතේ නිවසක් තුළ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට මොරටුව පොලීසිය සමත් වී තිබෙනවා. online ක්‍රමයට පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානයට වෙබ් අඩවි හා ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කර තිබුණු බවට ද තොරතුරු වාර්තා වේ.

කාන්තාවන්ගේ රූ සපුව පෙන්වා පාරිභෝගිකයන් ගෙන්වා ගන්නා මෙම ගණිකා මධ්‍යස්ථානය වටලන අවස්ථානවේ දී කාන්තාවන් තිදෙනෙකු හා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය එහි යන විට එක් පුද්ගලයෙකු කාන්තාවන් දෙදෙනෙකු සමඟ සිට ඇති අතර ඔවුන් තිදෙනා ම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Giraya News Alerts

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 35,37,40 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් සේවා සපයා ඇත්තේ රුපියල් 10,000 පමණ මුදලකට බවත් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයින් දෙදෙනා වයස අවුරුදු 30 හා 32 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් දෙදෙනා බස් රථ රියදුරෙකු හා කොන්දස්තරවරයෙකු බවට හෙළි වී ඇත.

පවතින කොරෝනා අවදානම් තත්ත්වය ද නොසලකමින් ඔවුන් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති අතර නිවසේ ඉදිරිපසින් අගුලුදමා ගනුදෙනුකරුවන් නිවසේ පිටුපස දොරටුවෙන් ඇතුළු කරගෙන තිබෙන බව ද වාර්තා වේ.

මෙම සැකකරුවන් සියලුදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන අතර එක් සැකකරුවෙකු සතුව තිබී මත්කුඩු පැකට් දෙකක් ද සොයා ගෙන තිබෙනවා.

ගණිකා නිවාසය පවත්වාගෙන ගිය සැකකරු මොරටුව උස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත. සැකකරුවන් දින 14 ක නිරෝධායන කාලයකින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top