Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මැයි 15 දින වැඩිම ආසාදිතයින් නුවරඑළියෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 140,‍471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (15) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 2386 දෙනා ද ඇතුළුවයි.

එමආසාදිතයින් අතරින් 2371 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 15 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වේ. එමෙන්ම, වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙන් වේ. එම ගණන 173කි.

Giraya News Alerts

පසුගිය දින කිහිපයේ ම වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූ පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ දිනයේ දී වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 09 දෙනෙකු වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

  • මහනුවර දිස්ත්‍රික්කය – 338
  • කළුතර දිස්ත්‍රික්කය – 321
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 288
  • කොළඹ දිස්ත්‍රික්කය – 277
  • ගම්පහ දිස්ත්‍රික්කය – 184
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 181
  • මාතර දිස්ත්‍රික්කය – 104
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 98
  • රත්නපුර දිස්ත්‍රික්කය – 94
  • ගාල්ල දිස්ත්‍රික්කය – 82
  • පුත්තලම දිස්ත්‍රික්කය – 81
  • හම්බන්තො‍ට දිස්ත්‍රික්කය – 72
  • මොණරාගල දිස්ත්‍රික්කය – 64
  • අම්පාර දිස්ත්‍රික්කය – 41
  • යාපනය දිස්ත්‍රික්කය – 33
  • බදුල්ල දිස්ත්‍රික්කය – 26
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 23
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 19
  • මන්නාරම දිස්ත්‍රික්කය – 12
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 11
  • වවුනියාව දිස්ත්‍රික්කය – 10
  • කිළිනොච්චි දිස්ත්‍රික්කය – 04
  • මුලතිව් දිස්ත්‍රික්කය – 03

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 22,310ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 117,220 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, තවත් කොවිඩ් – 19 මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 941ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top