Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවය.

දෛනික මාධ්‍ය හමුවේදී වත්මන් කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන බවයි.

Giraya News Alerts

ඊට අමතරව නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල් ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බව ඔහු පෙන්වා දී තිබේ.

මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එකම පියවර එන්නත් ලබාදීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වනවිට එන්නත් සැපයීම ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින අතර එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top