Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ගම්පහ කොරෝනා වැළඳුන පුද්ගලයින් දෙදෙනෙකු නිවස තුළ දී ම මිය ගිහින්

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු නිවෙස් තුළම මියගොස් තිබෙන බව ‘රිවිර.lk’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වලව්වත්ත සහ බණ්ඩාරවත්ත යන ප්‍රදේශවල නිවෙස් දෙකක විසූ දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් මිය යාමෙන් පසුව සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයේ දී ඔවුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක සුසන්ත බණ්ඩාර සඳහන් කර ඇත්තේ, වලව්වත්තේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක් සහ බණ්ඩාරවත්තේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි. විශේෂත්වයක් වන්නේ ඔවුන් නිවෙස් තුළම රැඳී සිටි අය වීම බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නොතිබීමත් බව ද ඔහු සඳහන් කර ඇත.

Giraya News Alerts

මිය ගිය පුද්ගලයින් පවුල්වල සාමාජිකයින්ගේ ද පීසීආර් සාම්පල ලබාගෙන ඇති බවත් වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළ බව එහි වැඩිදුරටත් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top