ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 138,085ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (14) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 2289 දෙනා ද ඇතුළුවයි.
එමආසාදිතයින් අතරින් 2269 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 20 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.
ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් ආසාදිතයින් 126 දෙනෙකු ම වාර්තා වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් ය.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 130 දෙනෙකු වාර්තා වී ඇත්තේ හබරාදූව ප්‍රදේශයෙන් ය.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 555
- ගාල්ල දිස්ත්‍රික්කය – 281
- ගම්පහ දිස්ත්‍රික්කය – 236
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 218
- කළුතර දිස්ත්‍රික්කය – 211
- පුත්තලම දිස්ත්‍රික්කය – 99
- මාතර දිස්ත්‍රික්කය – 79
- මාතලේ දිස්ත්‍රික්කය – 79
- කෑගල්ල දිස්ත්‍රික්කය – 73
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 71
- අම්පාර දිස්ත්‍රික්කය – 45
- යාපනය දිස්ත්‍රික්කය – 45
- මහනුවර දිස්ත්‍රික්කය – 38
- රත්නපුර දිස්ත්‍රික්කය – 35
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 35
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 29
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 24
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 22
- බදුල්ල දිස්ත්‍රික්කය – 20
- කිළිනොච්චි දිස්ත්‍රික්කය – 12
- මඩකලපුව දිස්ත්‍රික්කය – 11
- වව්නියාව දිස්ත්‍රික්කය – 10
- මුලතිව් දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 27,056ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 110,108 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, තවත් කොවිඩ් – 19 මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 921ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
