Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා වැළඳීමෙන් මෙරට දී සිදු වූ තෙවන ගැබිනි මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

කොබෙයිගනේ බොරළුගොඩ ප්‍රදේශයේ පදිංචි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමකට යොමු කර තිබේ.

එම සැත්කමෙන් ප්‍රසූත කරන ලද දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව ඇතත් ව‍ෛරසය ආසාදනය වීම හේතුවෙන් සැත්කමෙන් අනතුරුව මව මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

Giraya News Alerts

මෙය කොරෝනා වෛරසය ආසාදනය මෙරට සිදුවූ තෙවන ගැබිණි මරණය බව සෞඛ්‍ය අංශ කියයි.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ඒ අනුව, සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ඔවුන් දැනුම් දෙයි.

අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මේ බව සඳහන් කළේය.

“ඉතාමත්ම සුුළු රෝගී තත්ත්වයක් පැවතුනත් ගර්භණී ඔබ හැකි ඉක්මණින්ම රෝහලකට ඇතුළු වෙන්න. එසේ නොමැතිව රෝගී තත්ත්වය බරපතළ වී රෝහල්ගත වෙන්න වුණොත් ඇතිවෙන සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්.”

සංචරණ සීමා පනවා තිබුණ ද කාසල් වීදියේ කාන්තා රෝහලේ සිදු කෙරෙන සියලුම සායනික කටයුතු එලෙසම ක්‍රියාත්මක වන බව එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර සඳහන් කළේය.

“සංචරණ සීමා පැවතියත් මව්වරුන්ට සහ දරුවන්ට ඒ සායනික දිනයේදී පැමිණීමේ හැකියාව තියෙනවා.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top