Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අයහපත් කාලගුණය හේතුවෙන් මරණ තුනක් වාර්තා වෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙ හේතුවෙන් සිදු වූ මරණ තුනක් පිළිබඳව වාර්තා වී තිබෙනවා.

ඉන් එක් මරණයක් වාර්තා වී ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ය.

මේ අතර, වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ දී සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු පස් කන්දකට යට වී තිබෙනවා. ඔවුන් දෙදෙනා මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් කටයුතු කළ අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු මුදා ගන්නා අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Giraya News Alerts

ජීවිතක්ෂයට පුද්ගලයාගේ මව මුදාගෙන වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ සිරුර ද වරකාපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම, ගාල්ල අලුත්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (13) පැවති අධික වර්ෂාව හේතුවෙන් ජල පහරකට හසු වී ගසා ගෙන ගොස් අනතුරකට ලක්ව තිබෙනවා. ඔහුගේ සිරුර අද (14) උදෑසන සොයා ගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව පී.කේ. රසික සම්පත් නමැති 32 හැවිරිදි දෙදරු පියෙකි.

කෑගල්ල ප්‍රදේශයේ නිවසකට ද පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අවිස්සාවේල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ ජලයට කොටු වී සිටි පවුල් 4ක සාමාජිකයින් 14 දෙනෙකු යුද හමුදා සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන් මුදා ගෙන තිබෙනවා. එම පිරිස අතර කුඩා දරුවන් ද සිටි අතර ඊයේ (13) මධ්‍යම රාත්‍රීයේ දී එම මෙහෙයුම සඳහා පැය දෙකක පමණ කාලයක් ගතව තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top