Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වෙයි

2021 මැයි 08 දින සිට මැයි 13 දක්වා සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) තහවුරු කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 892කි.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුරුෂයෙකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ හෘද රෝගී තත්ත්වයකි.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 13වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ඇදුම රෝගය උත්සන්න වීමයි.

Giraya News Alerts

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

රාගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුරුෂයෙකි. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසුව දිවුලපිටිය රෝහල වෙත ද පසුව කොළඹ ජාතික රෝහල වෙත ද මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 13 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

වෙන්නරුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවකි. දඹදෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 13 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇදු, දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 12 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

අහංගම ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 11 වන දින නිවසේ දී මියගොස් ඇත.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

මහගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුරුෂයෙකි. හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 13 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ කොවිඩ් – 19 ලය ආසාදනය, දියවැඩියාව සහ නිධන්ගත වකුගඩු රෝගයයි.

කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකා ලබමින් සිටින අතර 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුරුෂයෙකි. හෝටලයක පවත්වාගෙන යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක දී 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

හිඳගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි. ගම්පොළ මූලික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 12 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ලය ආසාදිත තත්ත්වයයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයයි.

ගෝනපල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි. හොරණ මූලික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ නිදන්ගත වකුගඩු රෝගය.

රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 සමඟ සුසුම්නාවේ රෝගී තත්ත්වයයි.

ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින කොවිඩි නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇත.

පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11 වන දින කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුරුෂයෙකි. කොත්මලේ රෝහලේ සිට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙ වෙත මාරු කර යවා ඇති අතර එහිදී 2021 මැයි 12 වන දින කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

නානුඔය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුරුෂයෙකි. නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 11 වන දින කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

මඩපාත ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ලේ විෂවීම, දියවැඩියාව, අධිරුධිර පීඩන තත්ත්වය සහ නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය.

බටගොඩ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුරුෂයෙකි. හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ලය ආසාදනය සහ සංකූලතා සමඟ හෘද රෝගී තත්ත්වයයි.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පුරුෂයෙකි. ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි 2021 මැයි 12 වන දින කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top