Advertise with Giraya
NEWS

මැයි 12 වන දිනයේ දී ත් වැඩිම ආසාදිතයින් පිළියන්දලින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 133,‍527ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (12) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 2429 දෙනා ද ඇතුළුවයි.

එමආසාදිතයින් අතරින් 2386 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 43 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් ආසාදිතයින් 146 දෙනෙකු ම වාර්තා වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් ය. එමෙන්ම, නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 24 දෙනෙකු ද වාර්තා වී ඇත.

Giraya News Alerts

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් අතරින් ආසාදිතයින් 87 දෙනෙකු බියගම ප්‍රදේශයෙන් ද, 39 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇත.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 88ක් ද, හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 74 දෙනෙකු ද වාර්තා වී ඇත.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය – 413
  • කළුතර දිස්ත්‍රික්කය – 370
  • ගම්පහ දිස්ත්‍රික්කය – 332
  • මාතර දිස්ත්‍රික්කය – 140
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 136
  • බදුල්ල දිස්ත්‍රික්කය – 132
  • ගාල්ල දිස්ත්‍රික්කය – 128
  • මහනුවර දිස්ත්‍රික්කය – 123
  • පුත්තලම දිස්ත්‍රික්කය – 119
  • මාතලේ දිස්ත්‍රික්කය – 107
  • රත්නපුර දිස්ත්‍රික්කය – 78
  • අම්පාර දිස්ත්‍රික්කය – 71
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 41
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 41
  • යාපනය දිස්ත්‍රික්කය – 34
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 29
  • අනුරාධපුරය දිස්ත්‍රික්කය – 24
  • මොණරාගල දිස්ත්‍රික්කය – 16
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 15
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 11
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 09
  • කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 08
  • වවුනියාව දිස්ත්‍රික්කය – 08
  • මුලතිව් දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 25,020ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 107,657 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, තවත් කොවිඩ් – 19 මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 868ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top