Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වෙයි

2021 මැයි දින සිට මැයි 12 දක්වා සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 868කි.

වඳුරඹ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 10 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

ඉමදූව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුරුෂයෙකි. ඉමදුම රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි මස 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Giraya News Alerts

වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුරුෂයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

මතුගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 09 වන දින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ලේ විෂවීම, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝගී තත්ත්වය සහ නිධන්ගත වකුගඩු රෝගයයි.

මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, දියවැඩියාව, බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම හා උග්‍ර වකුගඩු හානි විමයි.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 92 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 10 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

අලව්ව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි මස 10 වන දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුරුෂයෙකි. කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ සිට පිඹුර මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

ඕමල්පේ පදිංචි 74 හැවිරිදි පුරුෂයෙකි. ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුරුෂයෙකි. ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

හාල්දඬුවන ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුරුෂයෙකි. වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවය සහ පිළිකා රෝගී තත්ත්වයයි.

කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

පස්සර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුරුෂයෙකි. බිඳුනුවැව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු අක්‍රීය වීම වේ.

කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 95 හැවිරිදි පුරුෂයෙකි.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ නිධන්ගත බාධාකාරී ශ්වසන රෝගයයි.

අලව්ව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 10 වන දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ලේ විෂ වීම වේ.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුරුෂයෙකි. ක්‍රිෂ්ණපුරම් රෝහලේ සිට කිළිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

බේරුවල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අරත 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු අකර්මන්‍ය විම හේතුවෙන් මොළයට හානි සිදු වීම වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top