Advertise with Giraya
NEWS

‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් ඝාතනයට ‌ලක්වෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන 34 හැවිරිදි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“ පොලිස් අත්අඩංගුවේ සිටිය දී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ පොලීසිය සමග ඇති වූ බව කියන සිදුවීමක් අතරතුරයි.

අදාළ සැකකරු කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදි පොලිස් වසම්වල සිදුවු මනුෂ්‍ය ඝාතන 7ක්, කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් මෙන්ම 2018 වසරේ දී මාතර නගරයේ රන්භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑමට නායකත්ව දී තිබු අතර, එහිදී පොලිස් නිලධාරීයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුකර තිබූ බව පැවසේ.

අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන “ඌරු ජුවා” නැමැත්තා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වී පැය කිහිපයක් තුළ ‌මෙම සිදුවීම වාර්තා වී තිබේ.

Giraya News Alerts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මැයි 13 අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා “කොස්ගොඩ තාරක”ව රැගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථාවේ දී ඇති වු බව කියන සිදුවීමක දී පොලීසිය ගිනිඅවි මඟින් සිය බලය පාවිච්චි කිරීමේ දී සැකකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව ද පොලීසිය කියයි.

කෙසේවෙතත් මීට අදාළව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද තුවාල ලබා ඇති බව පැවසෙන අතර එම නිලධාරියා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුගේ මරණය පිළිබඳ විශේෂ විමර්ශනයක් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

 “කොස්ගොඩ තාරක” යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කලක් සේවය කර ඇති අයෙකු බව ද වාර්තා වේ.

“ජීවිතය අනතුරේ බව කලින් කියලා”

“කොස්ගොඩ තාරක”ගේ මව වන ජානකී ද සිල්වාගේ උපදෙස් මත නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි විසින් මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිවරයාට හා පෑලියගොඩ ‌විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට මැයි මස 12 දිනැතිව යොමු කළ ලිපි මගින් දැනුම් දී ඇත්තේ සැකකරුව මැයි මස 12 දින දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිට පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට භාර දුන් බව දැන ගැනීමට ඇති බවයි. මීට පෙර එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරුවන් වෙනත් ඒකකවලට භාර දීමෙන් පසු ප්‍රසිද්ධ ස්ථාන වෙත රැගෙන යාමේ දී ඉතා ප්‍රශ්න සහගත ලෙස ඔවුන්ගේ ‌මරණය සිදුවී ඇති බව නීතිඥවරයා පෙන්වා දී ඇත.

එබැවින් සිය පුත්‍රයාගේ මානව හිමිකම් කිනම් හෝ අවස්ථාවක උල්ලංඝනය වේ යැයි ඔහුගේ මව බියෙන් පසුවන බව ද දැනුම් දී ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස ද නීතිඥවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

මෙකී ලිපි සමග කොස්ගොඩ තාරකගේ මරණය මැයි 12 දින රාත්‍රියේ සිදුවිය හැකි බවට “ලංකා ඊ නිවුස්, ශ්‍රී ලංකා බ්‍රීෆ්, ද ලීඩර්” ඇතුළු වෙබ් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් සිදුවිණි. එම පුවත් පහතින් දක්වා ඇත.

එහෙත් අවසානයේ විශේෂ මෙහෙයුමක් අතර ‌”කොස්ගොඩ තාරක” පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වී ඇත.

0002
0004
0001

නීතිඥවරයාගේ ලිපි උපුටා ගැනීම – ද ලීඩර් වෙබ් අඩවියෙන්

මරණය සිදුවන බවට කලින්ම අනාවරණය කළ පුවත්.

ද ලීඩර් – https://theleader.lk/news/6745-2021-05-12-16-04-42

lankaenews – https://len-official.blogspot.com/2021/05/blog-post_12.html?fbclid=IwAR2t5lF1gXxBzeFRTkus8dZ2g736_SUa5qfyYp76u-6S3JSxZROH4hsMbhQ

Sri Lanka Brief – https://sinhala.srilankabrief.org/%e0%b6%b8%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9f%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%83/

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top