ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 131,098ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (11) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 2568 දෙනා ද ඇතුළුවයි.
එමආසාදිතයින් අතරින් 2530 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 38 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 606
- කළුතර දිස්ත්‍රික්කය – 417
- ගම්පහ දිස්ත්‍රික්කය – 300
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 196
- ගාල්ල දිස්ත්‍රික්කය – 148
- නුවර දිස්ත්‍රික්කය – 110
- මාතලේ දිස්ත්‍රික්කය – 108
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 90
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 64
- රත්නපුර දිස්ත්‍රික්කය – 64
- යාපනය දිස්ත්‍රික්කය – 61
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 57
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 41
- පුත්තලම දිස්ත්‍රික්කය – 37
- මාතර දිස්ත්‍රික්කය – 36
- මොණරාගල දිස්ත්‍රික්කය – 29
- බදුල්ල දිස්ත්‍රික්කය – 29
- අම්පාර දිස්ත්‍රික්කය – 27
- මඩකලපුව දිස්ත්‍රික්කය – 27
- කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 25
- මුලතිව් දිස්ත්‍රික්කය – 24
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 23
- කෑගල්ල දිස්ත්‍රික්කය – 06
- වවුනියාව දිස්ත්‍රික්කය – 05
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 22,264ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 106,641 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (11) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
