Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

‘ඌරු ජුවා’ පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සමයංග‌ේ ප්‍රධාන ගෝලයෙකු වන ‘ඌරු ජුවා’ කඩුවෙල වඳුරම්මුල්ල ප්‍රදේශයේ දි පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් මාබුලගේ දිනෙත් මෙලාන් හෙවත් ‘ඌරු ජුවා’ නමැති අපරාධකරු නවගමුව පොලීසිය විසින් ඊයේ (11) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම ප්‍රදේශයේ ආපන ශාලාවක දී ආහාර ගනිමින් සිටින බවට ලැබුණු තොරතුරක් අනුවයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන ලද ප්‍රශ්න කිරීමක දී වඳුරම්මුල්ල ප්‍රදේශයේ නිවසක අවිආයුධ රැසක් තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව, ඔහුගේ පෙන්වීම මත ටී 56 උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ,තියුණු ආයුධ 5 ක්, නයින් එම්. එම්. ජීව උන්ඩ 6 ක් හා ටී 56 ජීව උන්ඩ තිස් අටක් ,මෙන්ම අත් බෝම්බ හයක් පොලිසිය බාරයට ගෙන ඇත

Giraya News Alerts

පසුව තවදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී දැඩිගමුවේ නිවසක අත් බෝම්බ කීපයක් සඟවා තිබෙන බවට කළ අනාවරණයකට අනුව සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට රැගෙන ගොස් එම බෝම්බ තුන පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව සැකකරු එකවරම එම නිවසේ වෙනත් ස්ථානයකට ගොස් සඟවා තිබූ අත්බෝම්බයක් ගෙන ඒ පින් එක කඩා පොලිස් නිලධාරීන් දෙසට දමා ගැසීමට යාමේදී පොලිස් නිලධාරීයකු විසින් ක්ෂණිකව වෙඩි තබා තිබෙනවා.

වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පුද්ගල ඝාතන හා කප්පම් ගැනීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳිමින් සිටි ‘ඌරු ජුවා’ පසුගිය 10 වන දා ඇප මත නිදහස් ව තිබෙනවා.

1994 වසරේදී උපත ලැබූ මාබුලගේ දිනෙත් මෙලාන් හෙවත් ‘ඌරු ජුවා මිය යන විට 27 වැනි වියේ පසු විය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැල වීමත් සමඟ නවගමුව, දැඩිගමුව හා වඳුරම්මුල්ල ප්‍රදේශවාසීන් රතිඤ්ඤා පත්තු කර ප්‍රීතිය පළ කළ බව ද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top