2021 මැයි 05 වන දින සිට මැයි 11 දක්වා සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) තහවුරු කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 850කි.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. කොළඹ පේද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුරුෂයෙකි. වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
පතන ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුරුෂයෙකි. නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනයයි.
තලවකැලේ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුරුෂයෙකි. ළිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සහ දියවැඩියා තත්ත්වයයි.
හල්ග්‍රන්ඔය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි. නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
මාතලේ ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත අක්මා රෝගී තත්ත්වය, කොවිඩ් ආසාදනය සහ ලේ විෂවීම වේ.
මාතලේ ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත බාධාකාරි ශ්වසන රෝගය සහ කොවිඩ් නියුමෝනියාවයි.
මඩුල්කැලේ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. මඩුල්කැලේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ හෘද රෝගි තත්ත්වයයි.
මඩුල්කැලේ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 07 වන දින මඩුල්කැලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විට මරණයට පත් වී ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා තත්ත්වය සහ කොවිඩ් – 19 ආසාදන තත්ත්වයයි.
මාතලේ ප්‍රදේශයේ පදිචි 63 හැවිරිදි පුරුෂයෙකි. මාතලේ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයයි.
මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
මාතර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුරෂයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින මියගොස් ඇත. කොවිඩ් – 19 නියුමෝනියාව සමඟ පිළිකා රෝගී තත්ත්වය මරණයට හේතුව ලෙස දැක්වේ.
තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුරුෂයෙකි. කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 09 වන දින මියගොස් ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුරුෂයෙකි. වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 11 වන දින මියගොස් ඇත.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිචි 46 හැවිරිදි පුරුෂයෙකි. කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් ඇති වූ බහු ඉන්ද්‍රීය අක්‍රීය වීමයි.
මහරගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුරුෂයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
හල්තොට ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුරුෂයෙකි. හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියාව සමඟ නිදන්ගත පෙනහලු රෝගී තත්ත්වයයි.
වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුරුෂයෙකි. නාගොඩ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. 2021 මැයි 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නියුමෝනියාව සමඟ ඇති වූ හෘද රෝගී තත්ත්වයයි.
කැළණිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිත බව හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. 2021 මැයි 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සඟ උග්‍ර වකුගඩු හානි වීමයි.
මොරටුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුරුෂයෙකි. හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇත. එම රෝහලේ දී 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
පානදුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. පානදුර මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටය දී කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ඇදුම රෝගී තත්ත්වයයි.
