Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හිමිකරුවන් නොමැති සිරුරු 20ක් කොළඹ ජාතික රෝහලේ

මාස තුනක් තිස්සේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසයි.

එම මෘත ශරීරවලින් වැඩි ප්‍රමාණයක් පිරිමි පුද්ගලයින්ගේ වන අතර එක් කාන්තාවකගේ මෘත ශරීරයක් ද වන බව වාර්තා වේ.

හිමිකරුවන් නොමැති මෙම මෘත ශරීර හඳුනා ගැනීම සඳහා ඒ ඒ පොලිස් ස්ථානවලට පරීක්ෂණ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් හිමිකරුවන් හඳුනා ගත් පසුව ඔවුන්ට එම මෘත ශරීර ලබා දීමට කටයුතු කරන බවත් කොළඹ ජාතික රෝහල පවසයි.

Giraya News Alerts

මෘත ශරීරයන්හි අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි වුවහොත් රජයේ වියදමින් භූමිදානය කිරීමට කටයුතු කරන බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top