Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලාංකිකයින් 8 දෙනෙකු ඉන්දියාවේ දී කොරෝනාවට බිලිවෙයි

ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ඉන්දියාවේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නවදිල්ලියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සහ රාජාස්ථාන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි. රාජාස්ථාන්හි දී ජීවිතක්ෂයට පත්ව ඇති ලාංකිකයින් දෙදෙනා අතරින් එක් අයෙකු ආයුර්වේද වෛද්‍යවරයෙකු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වීසා ලබා ගැනීම, වෛද්‍ය කටයුතු ආදී විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් සුළු පිරිසක් ඉන්දියාවට ගොස් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Giraya News Alerts

මේ අතර, ඉන්දියාවේ නවදිල්ලිහි පිහිටි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් 06 දෙනෙකු හට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීබන් ප්‍රකාශ කරයි.

ඔහු ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු සෙසු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර දුරස්ථව සිය රාජකාරිවල නිරත වන බවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උප කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

එසේම, විවිධ කටයුතු සඳහා මේ වන විට ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින නැවත ගෙන්වා ගැනීමට කටයුතු සිදු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (10) සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top