Advertise with Giraya
NEWS

තවත් කොරෝනා මරණ 26ක්…. මාස තුනක බිළිඳෙකුත් ඒ අතර

2021 මැයි 03 වන දින සිට මැයි 10 දක්වා සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) තහවුරු කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යව 827කි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 09 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුරුෂයෙකි. ලග්ගල ප්‍රාදේශීය රෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව සහ දියවැඩියා තත්ත්වයයි.

Giraya News Alerts

පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 09 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 පෙනහළු ආසාදනයයි.

මහනුවර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියාවයි.

මතුගම ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 08 වන දින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවන වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුරුෂයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ පිළිකා රෝගී තත්ත්වයයි.

නෑබඩ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුරුෂයෙකි. මතුගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලිකා රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

යාපනයේ පදිංචි 91 හැවිරිදි කාන්තාවකි. යාපනය ශික්ෂණ රෝහලේ දී 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ දියවැඩියාවයි.

යාපනයේ පදිංචි 88 හැවිරිදි පුරුෂයෙකි. යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ සංකූලතා.

මීගහගොඩ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 09 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කළුතර ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 03 වන දින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. මුල්ලේරියාව මූලික රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති. අතර එම රෝහලේ ී 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 04 වන දින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කළුතර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 94 හැවිරිදි කාන්තාවකි. පොළොන්නරුව මහ රෝහලේ සිටියදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇති අතර එම මධ්‍යස්ථානයේ දී 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි මස 10 වන මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි 10 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 පෙනහළු ආසාදනයයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, මුත්‍රා මාර්ගයේ ආසාදනය, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ ඩිස්ලිපිඩීමියා තත්ත්වයයි.

මල්වාන ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, හෘද රෝගී තත්ත්වය, අධි රුධිර පීඩනය සහ දියවැඩියා තත්ත්වයයි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලමින් සිටින අතර 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ 2019 වසරේදි සුසුම්නාවට සහ උකුල් ඇටයට හානි සිදුවීම නිසා ඔත්පලව සිටීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුරුෂයෙකි. 2021 මැයි 08වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව මෙනින්ජෝඑන්සෙෆලයිටීස් තත්ත්වය නිසා ඔත්පලව සිටීම සහ මුත්‍රාමාර්ග ආසාදනය නිසා ලේ විෂවීමේ තත්ත්වයයි.

කඳාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

මාස්වෙල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. ගම්පොළ මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වයයි.

නෑබඩ ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවකි. හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින මියගොස් ඇත. කොවිඩ් – 19 පපුවේ ආසාදනය සහ එහි සංකූලතා තත්ත්වය හේතුවෙන් මරණයට පත් වී ඇත.

වත්තේගම ප්‍රදේශයේ පදිංචි මාස තුනක් වයසැති බිළිඳියකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙසැ දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව බහු ඉන්ද්‍රීය අක්‍රියවීම තත්ත්වයයි.

මාළඹේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුරුෂයෙකි. නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි 09වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙසැ දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top