Advertise with Giraya
NEWS

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම සේවා වසම් 6ක් හුදකලා කෙරේ

අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

Giraya News Alerts

මාතර දිස්ත්‍රික්කය

  • මාතර පොලිස් බලප්‍රදේශයේ,
    • උයන්වත්ත 417 G
    • උයන්වත්ත උතුර 417 D

මාතලේ දිස්ත්‍රික්කය

  • රත්තොට පොලිස් බලප්‍රදේශයේ,
    • උඩහපුවිද E367

මහනුවර දිස්ත්‍රික්කය

  • කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ,
    • වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගම
    • වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම

පුත්තලම දිස්ත්‍රික්ක

  • කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,
    • මැද කිරිමැටියාන 466A

හුදකලාබව ඉවත් කළ ප්‍රදේශ

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ,
    • නිකදළුපොත
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top