Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොවිඩ් ආසාදනයෙන් තවත් ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ගර්භණී කාන්තාවක් ඊයේ (09) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාව අකුරැස්ස විල්පිට පදිංචි 45 හැවිරිදි කාන්තාවක් ය. ඇය සිය පළමු දරු උපත සඳහා සුදානම්ව සිටින අතර කොළඹ ප්‍රදේශයේ රැකියාවේ නිරතව සිට ඇති බව ද වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මස 21 වනදා ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ, එම රෝහලේ සතියක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (09) මියගොස් ඇති බවයි.

Giraya News Alerts

එම කාන්තාවගේ ස්වාමිපුර්ෂයාට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වු ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැති බවද සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ඔවුන්ගේ ආශ්‍රිතයින් පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකිරිමේ දි තවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගත් බව විල්පිට ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

මේ අතර, ගැබිණි කාන්තාවන් කොවිඩ් -19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රෝහලක් කරා පැමිණ පරික්ෂාවන් සිදුකරගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඉල්ලිමක් කරයි.

මේ අනුව, දින කිහිපයක් තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතව මියගිය දෙවැනි ගර්භණී කාන්තාව ඇයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top