කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ව ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් වන අතර 2019 වර්ෂයේ ඇය කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස රැකියාවට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
එමෙන්ම, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (09) උදෑසන 8.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඝාතනයට ලක්වු කාන්තාවගේ මෘත ශරීරය මෙරටට ගෙනැවිත් ඇති බවය.
මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එහිදී ඇයව පසුගිය අප්‍රේල් මස 13 වන දින කුවේට් රාජ්‍යයේ දී ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර ඇති බවට අනාවරණය වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
තවද, මේ සම්බන්ධයෙන් ඊයේ (09) දිනයේ දී මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, අද (10) දිනයේ දී මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
