Advertise with Giraya
NEWS

තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වෙයි

2021 මැයි 02 සිට මැයි 08 දක්වා සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) තහවුරු කරන ලදී. ඒ අනුව, ශ්‍රි ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 786කි.

රාගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකා රලබමින් සිටින අතර 2021 මැයි 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කඩවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වයයි.

Giraya News Alerts

මුල්ලේරියාව උතුර පදිංචි 60 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි මස 04 මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ නිධන්ගත වකුගඩු රෝගය මත උග්‍ර වූ වකුගඩු හානිවීමයි.

තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුරුෂයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි 06 මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ හෘද ශ්වසන ක්‍රියාව අක්‍රීය වීමයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුරුෂයෙකි. වෑතර දිස්ත්‍රික් රෝහලේ දී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි මස 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

ලුණුකැටියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි මස 05 මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

පදියපැලෑල්ල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි 05 මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනිමෙන් පසුව පිඹුර මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 61 හැවිරි කාන්තාවකි. කෑගල්ල මහ රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමෙන් පසුව පිඹුර මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රිතාකර ලබමින් සිටින අතර 2021 මැයි 02 මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලේ ලබමින් සිටි අතර 2021 මැයි මස 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

හල්ගන්ඔය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුරුෂයෙකි. නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි මස 07 වන දින මරණයට පත්ව ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ මොළයට රුධිර සැපයුම අඩාල වීම සහ කොවිඩ් නියුමෝනියාවයි.

හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුරුෂයෙකි. මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි මස 08 වන දින කොවිඩ් නියුමෝනියාව සහ දියවැඩියාව හේතුවෙන් මරණයට පත්ව ඇත.

ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇත. 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. උග්‍ර කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ උග්‍ර කිරීටක සින්ඩ්‍රෝමය දියවැඩියාව, අධි රුධිර පීඩනය ඩිස්ලේපිඩේමියා තත්ත්වය සහ හෘද රෝග තත්ත්වය හේතුවෙන් මරණයට පත්ව වී ඇත.

ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මහනුවර ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි මස 08 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

කඩවත ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි මස 06 වන දින කොවිඩ් නියුමෝනියාව සහ බ්‍රොන්කයිටීස් තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

බිබිල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. දකුණූ කොළඹ ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි මස 06 වන දින උග්‍ර කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇත.

අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුරුෂයෙකි. කළුතර දිස්ත්‍රික් රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, දියවැඩියාව, කොවිඩ් ආසාදිත තත්ත්වයි.

වලහන්දූව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුරුෂයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි මස 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියා තත්ත්වයයි.

පෝද්දල ප්‍රදේශයේ පදිංිච 78 හැවිරිදි පුරුෂයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි මස 08 වන දින කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මිය ගොස් ඇත.

ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුරුෂයෙකි. මහනුවර ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි මස 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන හෘද ශ්වසන ක්‍රියාකාරීත්වය ශ්වසන ක්‍රියාකාරිත්වය ඇන හිටීම සහ වකුගඩු අක්‍රීය වීමයි.

ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුරුෂයෙකි. තෙල්දෙණිය මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසුව මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top