මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 299ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (07) ගෙවුණු පැය 24 කාලය වන විට 10,915ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 6410කි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2156 දෙනෙකු ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2349 දෙනෙකු ද වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් ඊයේ (07) ගෙවුණු පැය 24 කාලයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 299කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 205ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 07ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 50ක් ලෙසිනි.
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 112ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 78ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 19 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 15 ක් ලෙසින් මෙම මරණ වාර්තා වේ.
-Ada.lk-
