Advertise with Giraya
NEWS

මාස තුනක බිළිඳෙකුට කොවිඩ් වැළදෙයි

මාස තුනක බිළිදෙකු කොරෝනා ආසාධිත වි ඇති බව කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පැවසිය.

මෙසේ කොරෝනා ආසාධිතව ඇත්තේ කරුවලගස්වැව 9 කනුව ප්‍රදේශයේ බිළිදෙකි .

අදාල බිළිදාගේ හා මව පියා හා මෙම බිළිදාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාද ජෛව පටල පරික්ෂාවක් පසුගිය 28 දින පුත්තලම මුලික රෝහලෙන් ලබා ගෙන ඇති අතර එහි වාර්තාව 6 දින ලැබී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම වාර්තා අනුව මෙම පිරිසෙන් කෝරෝනා ආසාධිත වි ඇත්තේ මෙම බිළිදා පමණක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Giraya News Alerts

මෙම පිරිස අවුරුදු සමයේ තවත් අසල් වැසි පිරිසක් සමග කොළඹ ඥාති නිවසකට ගොස් ඇති බවත් ඒ අනුව පවුල් දෙකෙහි 10 දෙනෙකු නිරෝධායකයට ලක්කර සිටි බව කියයි.

ආසාධිත බිළිදා කෝවිඩ් විශේෂ ප්‍රතිකාර ඒකකයක් වෙත යැවීමට කටයුතු කරන බව කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

-Ada.lk-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top