Advertise with Giraya
NEWS

මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 745ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 11ක් අද (06) දින තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 745කි.

735 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ඉනාමලුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. පොළොන්නරුව මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි මස 05 වන දින මියගොස් ඇත. වකුගඩු අකර්මන්‍යතාවය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය මරණයට හේතුව ලෙස දැක්වෙයි.

736 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කුලියාපිටය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි. කුරුණෑගල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි මස 06 වන දින මිය ගොස් ඇත. කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වය සහ බහු ඉන්ද්‍රීය අක්‍රිය වීම මරණයට හේතුව ලෙස දැක්වෙයි.

Giraya News Alerts

737 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කටුවන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි. කටුවන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි මස 02 වන දින කොවිඩ් – 19 නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

738 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බෙන්තොට ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුරුෂයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුව උඳුගොඩ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇත. 2021 මැයි මස 06 වන දින කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

739 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, සීදූව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

740 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවකි. මොරටුව දිස්ත්‍රික් රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 අප්‍රේල් මස 30 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘද රෝගී තත්ත්වය සහ කොවිඩ් ආසාදිත තත්ත්වයයි.

741 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුරුෂයෙකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි මස 06 වන දින කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

742 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුරුෂයෙකි. යාපනය ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි මස 05 වන දින මියගොස් ඇත. ශ්වසන මාර්ගයේ ආසාදනය නිසා ඇති වූ ලේ විෂවීමේ කම්පනය සහ වම් පාදනයේ පහල කොටසේ වූ තුවාලය මරණයට හේතුව ලෙස දැක්වේ.

743 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, උඩවලව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 පෙබරවාරි 21 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

744 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බුළුතොට ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුරුෂයෙකි. කොලොන්න මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 අප්‍රේල් මස 29 වන දින කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

745 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 03 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි ක්නාතාවකි. 2021 මැයි මස 05 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව අධි රුධිර පීඩනය සහ දියවැඩියා තත්ත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top