ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 2000 සීමාව ද ඉක්මවා යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (06) දිනයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ අනුව, ඉදිරියේ දී ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීම සඳහා සාධක කිහිපයක් බලපාන බවයි ඔහු පැවසුවේ.
කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් පුද්ගලයන්ට ද කොවිඩ් වෛරසය ආසාදනය වීමේ අවදානම ඇති බැවින් ඔවුන් ද නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එහිදී අවධාරණය කළා.
පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට පමණක් චෝදනා නොකරන බවත් මෙම වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සමාජයේ සියලුදෙනාගේම වගකීමක් බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.
