Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වැරදුන අනුරාධපුර බැංකු මංකොල්ලය

අනුරාධපුර නව බස් නැවතුමේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ල කෑමට ආ දෙදෙනකුට වෙඩි තබා එම මුදල් බේරා ගැනීමට හැකි වී ඇතැයි වර්තා වෙයි

අද උදෑසන 6.45ට පමණ එම බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් නියෝජිතයෙකු පැමිණ ඇති බව සඳහන්ය.

එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන්ට මිරිස් කුඩු ගසා අදාළ මුදල් තොගය පැහැරගෙන යෑමට උත්සාහ දරා තිබෙනවා. එහිදී දෙපාර්ශ්වය අතර සිදුවූ පොර බැදීමකදී පෞද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරියා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහු තුවාල ලබා තිබේ.

Giraya News Alerts

තුවාල ලැබු පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද අනුරාධපුර පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් කොල්ලකරුවන්ට මුදල් තොගය රැගෙන පළා යෑමට අවස්ථාව හිමිව නොමැති අතර මුදල් රැගෙන ආ වෑන් රියේ රියැදුරා ගිනි අවිය රැගෙන කොල්ලකරුවන් වෙඩි තබා ඇති අතර වෙඩි කාගෙනම කොල්ලකරුවන් පළා ගිය බව ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top