Advertise with Giraya
NEWS

මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 734ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 14ක් ඊයේ (05) දිනට අදාළව තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත මරණ සංඛ්‍යාව 734කි.

721 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදි 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වයයි.

722 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි. වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. කොවිඩ් නියුමෝනියාව සහ හීන්නෝන්මාද තත්ත්වය මරණයට හේතුව ලෙස දැක්වෙයි.

Giraya News Alerts

723 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගෝනපල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවකි. හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි මස 04 වන දින කොවිඩ් නියුමෝනියාව තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත.

724 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුරුෂයෙකි. කරවනැල්ල මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. 2021 මැයි මස 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව, නිදන්ගත බාධාකාරී පෙනහලු රෝගය සහ අධි රුධිර පීඩනය තත්ත්වයයි.

725 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දෙවනගල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුරුෂයෙකි. පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ආඝාතය, කොවිඩ් – 19 ආසාදනය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයයි.

726 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. 2021 මැයි මස 04 වන දින වැලිකන්ද විශේෂ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

727 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, තිරප්පන් ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුරුෂයෙකි. අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදිත තත්ත්වයයි.

728 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුරුෂයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි මස 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

729 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 67 කළුතර දිස්ත්‍රික් රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

730 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පයාගල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. කළුතර දිස්ත්‍රික් රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘදය අකර්මන්‍ය වීම කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

731 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පුරුෂයෙකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

732 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කුරණ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. මීගමුව මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනීමෙන් පසුව මිනුවන්ගොඩ මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. 2021 මැයි මස 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘද රෝගී තත්ත්වයයි.

733 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි. හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසුව ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇත. එහිදී 2021 මැයි මස 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ පිළිකා තත්ත්වයක් සහ කොවිඩ් – 19 ආසාදිත තත්වයයි.

734 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි මස 03 වන දින කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මරණයට පත්වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top