Advertise with Giraya
NEWS

එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් නිසා මරුට

මාලඹේ උඩවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි තිදෙනෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 86 හැවිරිදි පුද්ගලයෙක්, 96 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 82 හැවිරිදි ඇයගේ බාල සහෝදරියයි.

කොවිඩ් ආසාදිතව පසුගිය අප්‍රේල් 22 වනදා එම තිදෙනාව IDH රෝහලට ඇතුළත් කර තිබුණු අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 3 වනදා ඔවුන් මියගොස් තිබෙනවා.

Giraya News Alerts

තලංගම පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ මෘත දේහ සම්බන්ධ අවසන් කටයුතු මේ වනවිට සිදුකර ඇති බවයි.

අදාළ යුවලගේ දියණිය, ඇයගේ සැමියා සහ ඔවුන්ගේ පුත්‍රයා ද මේ වනවිට කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top