ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 115,590ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (04) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 1914 දෙනා ද ඇතුළුවයි. එමආසාදිතයින් අතරින් 54 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.
ඊයේ වාර්තා වූ ආසාදියින්ගෙන් වැඩිම ආසාදිතයින් ප්රමාණයක් වූ ආසාදිතයින් 542ක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයෙන් වේ. එම ආසාදිතයින්ගෙන් 113 දෙනෙකු දොම්පෙ ප්රදේශයෙන් ද, 101 කිරිඳිවැල ප්රදේශයෙන් ද හඳුනාගෙන ඇත.
දිස්ත්රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- ගම්පහ දිස්ත්රික්කය – 542
- කොළඹ දිස්ත්රික්කය -531
- කළුතර දිස්ත්රික්කය – 116
- ගාල්ල දිස්ත්රික්කය – 112
- මහනුවර දිස්ත්රික්කය – 85
- මාතලේ දිස්ත්රික්කය – 74
- හම්බන්තොට දිස්ත්රික්කය – 69
- නුවරඑළිය දිස්ත්රික්කය – 46
- පොළොන්නරුව දිස්ත්රික්කය – 39
- යාපනය දිස්ත්රික්කය – 38
- බදුල්ල දිස්ත්රික්කය – 30
- අනුරාධපුර දිස්ත්රික්කය – 25
- කෑගල්ල දිස්ත්රික්කය – 23
- කුරුණෑගල දිස්ත්රික්කය – 22
- රත්නපුර දිස්ත්රික්කය – 22
- ත්රිකුණාමලය දිස්ත්රික්කය – 18
- පුත්තලම දිස්ත්රික්කය – 15
- මාතර දිස්ත්රික්කය – 12
- කිළිනොච්චිය දිස්ත්රික්කය- 11
- මඩකලපුව දිස්ත්රික්කය – 10
- වව්නියාව දිස්ත්රික්කය – 10
- අම්පාර දිස්ත්රික්කය – 06
- මන්නාරම දිස්ත්රික්කය – 03
- මුලතිව් දිස්ත්රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ප්රමාණය 15,728ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 99,153 දෙනෙකු සුවය ලබා ඇත. සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 709ක් ලෙස දැක්වේ.
