ලොව පුරා මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන කෝටි 15 ඉක්මවා ගොස් තිබෙනවා.
ගත වූ පැය 24 තුළදී ලොව පුරා රටවල්වලින් ආසාදිතයින් 882,796 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවල්වලින් වාර්තා වන්නා වූ සක්‍රීය ආසාදිතයින් ගණන එක්කෝටි අනූතුන් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ දී ආසාදිතයින් 3647 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර එරට සමස්ත කොරෝනා මරණ ගණන 204,812ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවෙන් නව ආසාදිතයින් 379,459 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි අසූහතර ලක්ෂයකට ආසන්න වී තිබෙනවා.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන හදිසි වෛද්‍යාධාර අද සිට ඉන්දියාවට ලබා දීමට නියමිතයි. ඩොලර් මිලියනයකට ආසන්න වූ ඔක්සිජන් සිලින්ඩර, මුව ආවරණ හා කොවිඩ් පරීක්ෂණ කට්ටල ඊට අයත් වෙනවා.
